Tuesday, November 12, 2024

ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි,තවමත් රට තුළ කොවිඩි තියනවා – යුද හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

තවමත් රට තුළ කොවිඩ් වසංගතය පවතින බැවින් ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කොවිඩ් ආසාදිතයන් අඩුවීම හා පවතින තත්ත්වය ඇති කර ගැනීමට හැකිවූයේ ජනතාවගේ බොහෝ කැපකිරීම් නිසා බවත් ජනතාව නැවතත් බුද්ධිමත්ව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී කොවිඩ් ආසාදිතයින් යළි ඉහළ යා හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීම කොවිඩ් තත්ත්වය රටෙන් ඉවත් වී ඇති බවට සහතිකයක් නොවන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී රණවිරුවන් ට බූස්ටර් එන්නත ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“රටේ ජනතාව බොහෝ කැපකිරීම් කරලා තමයි මේ තත්ත්වය වුවත් අපට ලබාගැනීමට හැකි වුණේ. රටේ ජනතාව කොහොමත් බුද්ධිමත්. ඔවුන් ක්‍රියාකරපු විදියට තමයි මේ තත්ත්වයට හෝ පාලනය කරගැනීමට හැකි වුණේ. මේ වන විට රටේ ජනතාවගෙන් බහුතරයකට එන්නත් මාත්‍රා 2කම ලබාදීලා තියෙනවා වයස අවුරුදු 16ට වැඩි හා සියලුදෙනා මාත්‍රා එකක් හෝ ලබාදීලා තියෙනවා. මෙවැනි පසුබිමක් යටතේ කොවිඩ් ආසාදිතයින් 500ක් 600ක් හමුවන පසුබිමක දී අනිවාර්යයෙන් ම බුද්ධිමත්ව රටේ ජනතාව ක්‍රියාකළ යුතුව තිබෙනවා. එසේ නොවුණහොත් ඉදිරියේ දී මෙම කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩිවීමට පවා හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ම ඊයේ දිනයේ දී පළාත් අතර සංචරණ සීමාවන් මාස කිහිපයකට පසුව ඉවත් කරනු ලැබුවා. රටේ ජනතාවගේ පැත්තෙන් හිතලා විශේෂයෙන් ම සහනයක් වශයෙන් විවිධ සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. නමුත් ඒවා ඉවත් කිරීම කිසිසේත් ම කොවිඩ් රටෙන් ඉවත් වූ බවට සහතිකයක් නෙමෙයි. ඒ නිසා කොවිඩ් රටේ තිබෙන නිසා ආසාදිතයින් දිනපතා හමුවන නිසා රටේ ජනතාව බුද්ධිමත්ව සෑම අවස්ථාවකම අනිවාර්යයෙන් ම මුඛ ආවරණයක් පැලඳ නිවෙස්වලින් පිටතට පැමිණීම වැදගත් වෙනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles