ජනතා මුදලින් සැප ගත් විමල්ගේ දෙන්නා අදත් ඇතුළේ

0
354

නීති විරෝධී අයුරින් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ලබාගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන සිටින විමල් වීරවංසගේ වඩිමහල් සහෝදරයා වන සරත් විරවංශ හා නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර ඔක්තෝබර් 24 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (10) නියෝග කර තිබේ.

මෙම චෝදනාවම ලබා සිටින මොහොමඩ් මුසම්මිල්ට අදාළ නඩුවද අද කැඳවා තිබූ අතර එයද ඔක්තෝබර් 24 වැනි දා දක්වා යලි කල් දමා ඇත.

රාජ්‍ය දේපළ අවභාවිතව යන චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here