ජාතික ජන බලවේගයේ ප්‍රධාන අරමුණ ඊළඟ මැතිවරණයදී බලය ගැනීම බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක පවසයි.
ජනතා ව්‍යාපාර ඇති කර කඩා වැටී ඇති රට සම්පූර්ණයෙන් ගොඩනැඟීම ඊළඟ අරමුණ බවත් මේ රට ගොඩ නැඟීමට වසර කිහිපයක් අවශ්‍ය බවත් එම වැඩ කොටස කිරීමට ජාතික ජන බලවේගය සතුව ඕනෑවටත් වඩා දැනුම අත්දැකීම් සහිත මානව සම්පත් ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
එම නිසා ජනතාවට බොරු නොකියා සත්‍ය තත්ත්වය පෙන්වා දී මේ රට හැදීමට හැකි බව ඔහු පවසයි.
ජනතාව කිසිදු සැකයක් ජාතික ජන බලවේගය පිළිබඳ ඇති කර ගත යුතු නැති බවත් ජනතාව ළඟ තියෙන බලය තාවකාලිකව ජාතික ජන බලවේගයට වසර පහකට දෙන ලෙසත් ඉල්ලීම් කරමින් ඒ මහතා සඳහන් කළේ ලෝකය වෙනස් වී ඇත්තේ වෙනස සඳහා බිය නොවන මිනිසුන් සිටින නිසා බවයි.