Wednesday, January 15, 2025

ජනතා හූ හඬ මැදින් ආණ්ඩුවේ අර්බුදය පුපුරා යමින් තිබෙනවා

ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙතෙක් පැවැති අර්බුදය දැන් මහජනයාගේ හූ හඬ මැද්දෙන් දැන් පුපුරා යමින් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මේ පුපුරා යාම පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත සිදු විය හැකි බවත්, පාර්ලිමේන්තුවෙන් පිටත විය හැකි බරපතලම පුපුරා යාම රාජ්‍ය අංශයේ නැගී සිටීම බැවින් එය පාලනයට සහන පැකේජය ලබාදුන්නා විය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත්කිරීම හා ජනාධිපති විවේචනය කරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ මර්දනය කැඳවමින් ඇති බව යැයි ද පාඨලී චම්පික මහතා කීවේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නැව් දෙකක් වරායේ නවතාගෙන ණයවර ලිපි විවෘත නොකර සිටීම හේතුවෙන් පෙට්ට්‍රල් හා ඩීසල් බා ගැනීමට නොහැකි වී ඇතැයි කී පාඨලී චම්පික රණවක මහත ඊළඟ දින අට ඇතුළත ණයවර ලිපි විවෘත නොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක් ඇතිවිය හැකි බව ද පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles