ජනදුක නිවන නිල මෙහෙවර 16සිට ගාල්ලේ-ඇමති වජිර

0
383

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ 2 වැනි වැඩසටහන පිළිබඳව දිස්ත්‍රික් නිලධාරින් හා දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරින්දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මස 16 වන ඉරුදින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

 

ඒ අනුව දිස්ත්‍රික් නිලධාරි හමුව 2016.10.16 වන ඉරිදා පෙ.ව. 09:00 ගාල්ල,ලබුදූව, සිරිධම්ම විද්‍යාලයේදී  පැවැත්වෙන අතර දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරි හමුව එදින ප.ව.5.00 ට ගාල්ල, හෝල් ඩී ගෝල් ශාලාවේදී පැවැත්වෙයි.

 

නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ පළමු වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී  ඉතා සාර්ථකව අවසන් විය.

 

දිස්ත්‍රික්කයේ ප්‍රජාවගේ විවිධ ගැටලු හඳුනා ගැනීමත් ඒ සඳහා කඩිනම් විසඳුම් සැපයීමත් නිල මෙහෙවර ජංගම සේවාවේ මුලික ම අරමුණයි. ඉඩම් සම්බන්ධ ගැටලු, ගොවිජන සේවා ගැටලු,සමාජ සේවා ඉල්ලීම්, ජාතික හැඳුනුම්පත් ලබාදීම, නිවාස ගැටලු, වෘත්තිය පුහුණු අවස්ථා ,පාරිසරක ගැටලු, බැංකු ණය ලබාදීම් ආදී බහුවිධ අවශ්‍යතාවයන් හඳුනා ගැනීම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි සිදු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here