ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

0
828

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයි දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරී කටයුතුවලට කැඳවීමට අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද (22) දිනසිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව පණවන ලද හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජන ආරක්ෂා අඥාපනත යටතේ ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුද, නාවික සහ ගුවන් හමුදා කැඳවීම සිදුකළේය.

ඒ අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා සාමාජිකයින් කැඳවීමට ජනාධිපතිවරයා අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පියවර ගෙන තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here