Friday, September 20, 2024

ජනපතිගෙන් බැනුම් ඇහුව ඇමතිවරු තුන්දෙනා මෙන්න

පවත්නා බරපතළ කොවිඩ් තත්ත්වය හමුවේ රට වසා දමන්නැයි මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් දෙපළ ජනාධිපතිතුමාගෙන් ගිය බ්‍රහස්පතින්දා ලිඛිත ඉල්ලීමක් කළහ. ඒ වනවිටත් අමරපුර ධර්ම රක්ෂිත නිකායේ මහානායක ත්‍රිකුණාමලේ ආනන්ද මාහිමියෝ කොවිඩ් වැළඳී ප්‍රතිකාර ලබමින් පසුවූහ. මෙම පසුබිමේ මහ නාහිමිවරුන් ගත් තීන්දුවට සමගාමීව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් 10 දෙනෙක් එකතු වී වහාම සති තුනකටවත් රට වසා දමන්නැයි ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලා සිටියෝය. එම ඉල්ලීම ක්ෂණිකව මාධ්‍ය වෙතද නිකුත් කර තිබිණි.

මෙම ලිපියට ප්‍රධාන හවුල්කාර පක්ෂ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක්ද අත්සන් තැබූහ. වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ එම අමාත්‍යවරුය. ඔවුන් සමඟ එකට සිටි ශ්‍රීල.නි.ප. මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන් ලිපියට අත්සන් කරන ලෙස හවුල්කාර පක්ෂ නායකයන් ඉල්ලා සිටි අවස්ථාවේ දයාසිරි ඊට අත්සන් කළේ නැත. පක්ෂයේ නිසි අවසරයකින් තොරව තමන්ට මෙයට අත්සන් කළ නොහැකි බව කියා දයාසිරි ඊට අත්සන් නොකර අදාළ රුස්වීමෙන් පිටව ගොස් තිබිණි.

කෙසේ හෝ බ්‍රහස්පතින්දා සවස මෙම ලිපිය ජනාධිපති කාර්යාලයට යවන විට ජනාධිපතිවරයා දහවල් භෝජනය සඳහා නිවෙසට ගොස් සිටියේය. ඔහු සවස 3.30ට පමණ නැවත කාර්යාලයට පැමිණි පසු මහ නාහිමිවරුන්ගේ හා පක්ෂ නායකයන්ගේ ඉල්ලීම ගැන කොවිඩ් කාර්යසාධක බළකායේ ජ්‍යෙෂ්ඨයන් සමඟද ජනාධිපති ලේකම් ආචාර්ය ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග ආදී මහත්වරුන් සමඟද සාකච්ඡා කර තිබිණි. මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම සාවධානව සලකා බලා සති අන්තයේ තමන් උන්වහන්සේලා හමුවන බව මහ නාහිමිවරුන්ට දන්වන ලෙස දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දැල මහතාට පණිවුඩයක් ලබාදුන්නේය. ඒ සමඟ දියවඩන නිලමේවරයාට රට වසා දැමීමට තිබෙන දුෂ්කරතා ගැන ජනාධිපතිවරයා දුන් පණිවුඩ දෙකද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට එවලේම ලබාදී තිබිණි. එවිට දියවඩන නිලමේවරයාට උන්වහන්සේලා පවසා තිබුණේ තමන් වහන්සේලා මුණගැසුණ මෙරට ප්‍රධාන පෙළේ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් විසින් කරන ලද දැනුම්දීම අනුව මෙම ඉල්ලීම කළ බව පමණි. කෙසේ හෝ සෙනසුරාදා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක රට වසා දැමීමේ දුෂ්කරතාව පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබිණි.

Mawrata – මවිරට

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles