Friday, December 27, 2024

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන 02 ක්

මුදල් අමාත්‍ය ශීර්ෂය යටතේ වන සුවිශේෂ ප්‍රමුඛතාවලට අදාළ ආයතනික හා නෛතික රාමුවේ සංශෝධනයක් සිදුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍යාංශයට අයත් ආයතන සහ ඊට අදාළ නෛතික රාමුවේ සං‍ශෝධනද ඊට අයත්.

මෙම සුවිශේෂ ප්‍රමුඛතා ඉදිරිපත් කර ඇත්තේ මෙරට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහාය.

මීට අමතරව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂය සහ ඒ යටතේ වන කාර්යයන් ප්‍රමුඛතා ආයතනික සහ නෛතික රාමුවට සිදුකල සංශෝධන කිහිපයක්ද අදාළ ගැසට් නිවේදනයට අන්තර්ගත වනවා.

මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ බලතල පුළුල් කරමින් ජනාධිපතිවරයා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම කොමිෂන් සභාවට පැවරී ඇති කාර්ය භාරය ඵලදායීව ඉටු කිරීම සඳහා අතිරේක බලතල අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණා.

ඒ අනුවයි ජනාධිපතිවරයා සිය බලතල අනුව එම අතිරේක බලතල පවරා දී ඇත්තේ.

මෙම කොමිසම පත්කෙරුණේ ඊට පෙර ක්‍රියාත්මක වූ විශේෂ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමටයි.

මුල් කොමිෂන් වාර්තාවේ කරුණු මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ග එමගින් නිර්දේශ කළ යුතු වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles