ජනපතිගෙන් හමුදාව කැඳවීම සම්බන්ධයෙන් විශේෂ ආඥාවක්

0
458

දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවන්හි සියලුම සාමාජිකයන් කැඳවීම සඳහා වන විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් අද (3) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර තිබෙන බව පැවසේ.

සභාවේ කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කතානායකවරයා මෙම ආඥාව සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here