Monday, October 7, 2024

ජනපතිගේ අපේක්ෂාවන්ට බොහෝ බාධා

රටක් ජයග‍්‍රහණය කරා මිස කිසිඳු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව ජනපති අවධාරණය කරයි.

රටක් ජයග‍්‍රහණය කරා මිස කිසිඳු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බවත් අද දවසේ ඉටුකිරීමට නොහැකි වූ දේ හෙට දවසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

පොලොන්නරුවේ පැවැති වැඩසටහන් කිහිපයකින් අනතුරුව ජනතාව අමතමින් ඔහු මේ බව පැවැසීය.

පොළොන්නරුව සංවර්ධනයට තමාට සියලුදෙනාගෙන් ලැබුණු සහය රට වශයෙන්ම ගෙන ගිය වැඩපිළිවෙළට ද හිමිවූවානම් අද රට ද පුළුල් වෙනසකට ලක්ව තිබෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස සමඟ රට සහ ජනතාව වෙනුවෙන් සුවිශේෂ වැඩකොටසක් තම පස් වසරක ධූර කාලය තුළ  ඉටු කිරීමට හැකි වුව ද තමා රටත් ජනතාවත් වෙනුවෙන් තැබූ අපේක්ෂාවන්ගේ සහ අධිෂ්ඨානයන්ගේ අවසානය කරා ළගාවීමට බොහෝ බාධාවන් මතු වූ බව ද කියා සිටියේය.

තම ප‍්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වල එකඟවන පිරිසක් වගකීම් දැරුවානම් ඉකුත්  පස් වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා බොහෝ කාර්යයන් ඉටුකිරීමට හැකිව තිබු බවද ජනාධිපති කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles