ජනපතිගේ ඉන්දීය ගමන කල්යයි…

0
404

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දිය සංචාරයේ කාලසටහන වෙනස්වී තිබෙනවා. මීට පෙර සැලසුම් කර තිබුණු ආකාරයට ජනාධිපතිවරයා සිය ඉන්දිය සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට තිබුණේ ඊයේ රාත්‍රියේයි.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දිය සංචාරය ලබන 21 වනදා ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. 


මේ අතර ජනාධිපත රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ දේශපාලන පක්ෂවල නායකයින් අතර සාකච්ඡාවක් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවයි. එය ඉදිරියට ගෙනයනවා ද, නැද්ද යන්න දෙමළ දේශපාලන පක්ෂ නායකයින් තීරණය කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟවන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. (derana)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here