Thursday, January 16, 2025

ජනපතිගේ උපදෙස් මත නැදුන්ගමුවේ හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කෙරේ

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දෙයි.

අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරැර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබේ.

ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටි ගම්පහ, වැලිවේරිය, නැදුන්ගමුව වෙත ගොස් සිටී.

මියයන විට නැදුන්ගමුවේ රාජාගේ වයස අවුරුදු 69 කි.

1953 වසරෙහිදී උපන් නැදුන්ගමුවේ රාජා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ, ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙස ගෞරවයට පාත්‍රවෙමිනි.

මෙි අතර නැදුන්ගමුවේ රාජා හස්තියාගේ නික්ම යාම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

එම සටහන පහතින් දැක්වෙයි.

“2005 වසරේ සිට මේ දක්වා මහනුවර දළදා පෙරහැරෙහි සධාතුක කරඬුව තම කර මත වඩා හිඳුවමින් ගෞරවය පෙරදැරි මහත් අභිමානයෙන් වැඩම වූ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයාගේ නික්ම යාම අසා මම ඉමහත් සංවේගයට පත් වුණෙමි.

පුරා වසර ගණනාවක් තිස්සේ දෙස් විදෙස් ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වී සිටි හස්ති රාජයාණෙනි, දළදා මාලිගාවෙහි සධාතුක කරඬුව ගෞරවයෙන් වඩමවා සිදු කර ගත් උතුම් කුසලයෙහි ආනුභාවයෙන් ඉදිරි ආත්මභවයක උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!යි ප්‍රාර්ථනා කරමි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles