ජනපතිගේ ගමනට එරෙහිව ස්කොට්ලන්ත පත්තරේක ‘ෆුල් පේජ්’ දැන්වීමක්!

0
301

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ස්කොට්ලන්තයේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් වන ‘ද හෙරල්ඩ්’ පුවත්පතේ සම්පූර්ණ පිටුවක දැන්වීමක් පළ කිරීමට එරට වෙසෙන ද්‍රවිඩ ජනතාව පියවර ගෙන ඇත.


ලබන මස ආරම්භ වීමට නියමිත ‘කොප් 26’ සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ස්කොට්ලන්තයේ ග්ලස්ගෝ නුවරට පැමිණීමට නියමිත අතර, ඊට එරෙහිව එම දැන්වීම පළකිරීමට එම ද්‍රවිඩ ජනතාව කටයුතු කොට ඇත.


ජනාධිපතිවරයාගේ දැවැන්ත ඡායාරූපයක් උපයෝගී කොටගෙන නිර්මාණය කොට ඇති මෙම දැන්වීම හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්කොට්ලන්ත සංචාරයට විරෝධය පළකිරීමට එක්රැස් වන ලෙස ඔවුන් මෙම දැන්වීම හරහා එරට ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා තිබේ.


කෙසේවෙතත් මෙම දැන්වීමට විරෝධය පළ කරමින් ස්කොට්ලන්තයේ සිටින සිංහල ජනතාවද ඉදිරි දින කිහිපය ඇතුළත එම පුවත්පතේම තවත් සම්පූර්ණ පිටුවක දැන්වීඹක් පළ කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here