ජනපතිගේ නිවස අසලින් පෙට්ටියක බහා තිබූ පිස්තෝල දෙකක් හමුවෙයි

0
308

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට යාබදව පිහිටි ඇඹුල්දෙණිය මංසන්ධියේ පෙට්ටියක බහා තිබූ සෙල්ලම් පිස්තෝල දෙකක් මිරිහාන පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඊයේ (13 වැනිදා) අලුයම පොලිසියට ලද තොරතුරක් මත එය සොයාගෙන තිබේ.

පෙරේදා (12 වැනිදා) රාත්‍රියේ එම ස්ථානයේ නාට්‍යයක් රූපගත කර ඇති බවත් ඒ සඳහා ගෙනා සෙල්ලම් පිස්තෝල එම පිරිසට අමතක වී මෙම ස්ථානයේ දමා ගොස් ඇති බවත් පසුව අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here