ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු රැස්වෙති

0
291

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද (07) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අග්‍රාමාත්‍ මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

එම රැස්වීමට සහභාගී වූ ජගත් කුමාර මන්ත්‍රීවරයා පැවසුවේ මේ වනවිට රට තුළ උද්ගතවී ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ බවය.

විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් එය නිසි ක්‍රමවේදයක් අනුව සිදුකළ යුතු බවට එහිදී අදහස් මතුවී තිබුණි.

“ඇයි ඇමතිවරු අතර මතවාද දෙකක්,” යන කාරණාවද පසුපෙළ මන්ත්‍රීවරුන් විමසූ බව ඒ මහතා පැවසීය.

සාමුහික වගකීම කැබිනට් ඇමතිවරුන්ගෙන් ආරම්භ කරලා ක්‍රියාත්මක කරන්න යනුවෙන් ඔවුන් ඉල්ලා සිටි බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here