ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව අද . ඇතැම් පක්ෂ සමුළුව වර්ජනය කරයි

0
358

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම්කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඒ සඳහා ක්‍රියාකල යුතු ආකාරය පිලිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පසුගියදා රජයට සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට යෝජනා කර ඇති අතර ඒ තුලින් සෑම පක්ෂයකම අදහස් යෝජනා ලබා ගැනීම මේ සඳහා අරමුණ වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා ඇති අතර මෙම සමුළුවට සහභාගී නොවීමට විපක්ෂය ඇතුලු ඇතැම් දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

නමුත් දෙමළ ජාතික සන්ධානය මෙම සමුළුවට සහභාගී වීමට තීරණය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරමින් තිස්ස විතාන මන්ත්‍රීවරයා සහ අතුරලියේ රතන හිමි සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය, තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂය, තමිල් මක්කල් තේසිය කූට්ටනි, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here