ජනපතිට ඥානය දශමයක් පහළ වේ!

0
1613

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇතිව ඇති මහා ආර්ථක අවපාතනය සමහන් කිරීමට, බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විද්‍යා විශේෂඥ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්තා දේවරාජන් සහ IMF හි අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ෂාර්මිනි කුරේ මෙම කණ්ඩායම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.

මෙම සාමාජිකයින් ජනපතිවරයා හමුවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සහ අදාළ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු සාකච්ඡාවට ලක්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

අශ්වයා ගියපසු ඉස්තාලය වසා දැමීමක් බඳු මේ වැඩපිළිවෙල ප්‍රමාද බවයි දේශපාලන අදහස් දක්වන්නන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here