Sunday, September 22, 2024

ජනපතිට හූ කියන වීඩියෝව Share කළ නිසා කාන්තාවක් CID යට කැඳවයි

ජනාධිපතිවරයාට හූ තැබූ බව සඳහන් සටහනක් සමාජ මාධ්‍ය ජාලයක හුවමාරු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් තමන්ගෙන් නීති විරෝධී ලෙස ප්‍රශ්න කළේ යැයි කාන්තාවක් චෝදනා කරයි.

මෙලෙස චෝදනා කරන්නේ ආශා දිල්රුක්ෂි පෙරේරා නමැති කාන්තාවකි. ඇය එක්සත් ජාතික ස්වයංරැකියා වෙළෙඳෙ ව්‍යාපාරිකයන්ගේ සංවිධානයේ ජාතික කැඳවුම්කරු සහ ජාතික සංවිධායක ලෙස කටයුතු කරයි.

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඇය මේ චෝදනාව එල්ල කළාය. එහි දී ඇය කියා සිටියේ ජනාධිපතිවරයාට හූ තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙනත් අයකු විසින් පළකර තිබූ වීඩියෝවක් ඇය හුවමාරු කළ බවයි.

තමන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් කරන බවත් එවැනි දරුවන් පිරිසක් සමඟ සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 15 දෙනකු සහ නිලධාරිනියක් පැමිණ තම දුරකථය රැගෙන එහි තිබූ දත්ත පිටපත් කරගත් බවත් ඇය සඳහන් කරයි.

එමෙන් ම ජනාධිපතිවරයාට අපහසා කිරීම බරපතල වරදක් බවත් ඉදිරියට එවැනි දේ නොකරන ලෙසත් තමන්ට අවවාද කළ ඔවුන් තමන්ට ඔවුන් සමඟ පැමිණෙන ලෙස දැනුම් දුන් බවද කියා සිටියි. ඒ අවස්ථාවේ දී එලෙස පැමිණීම ප්‍රතික්ෂේප කළ ද ඔවුන් විසින් තමන් රැගෙන ගිය බව ද ඇය චෝදනා කරයි.

තම ජංගම දුරකතනයේ දත්ත සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පිටපත් කර ගත් බවත් ඇය සදහන් කලාය.

ඇය පවසන්නේ ප්‍රමිතියෙන් තොර ගෑස් ගෙන්වමින් ජනතාව අවදානමකට ලක්කළ පුද්ගලයන් නිදහසේ සිටිය දී වීඩියෝවක් හුවමාරු කළ බවට තමන්ට මෙලෙස සිදුකිරීම වරදක් බවයි.

එම කාන්තාව මාධ්‍ය හමුවක් පවත්වා මේ බව කියා සිටියාය.

ජනාධිපතිට හූ කියන වීඩියෝවක් Shere කලා කියා කාන්තාවක් CID ගෙන යයි…

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles