ජනපති – අගමැතිටත් එරෙහිවු මැදමුලන

0
294

වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී ඊයේ (24දා) පැවැත්වූ ගොවි උද්ඝෝෂණය උණුසුම් මුහුණුවරක් ගත් අතර එය මැඩපැවැත්වීමට පොලිස් නිලධාරින්ටද මැදිහත්වීමට සිදුවිය.

ගොවියන්ට අවශ්‍ය පොහොර ඉල්ලා වීරකැටිය – මිද්දෙණිය මාර්ගයේ මැදමුලන වෙල්යාය අසලදී මෙම උද්ඝෝෂණය ආරම්භ කෙරිණි. මේ සඳහා උද්ඝෝෂණයන් 150ක් පමණ සහභාගී වී සිටි අතර ඌරුබොකුඔය ගොවි ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කර තිබිණි. උද්ඝෝෂකයෝ කළු කොඩි අතැතිව කෑ ගසමින් උද්ඝෝෂණයේ යෙදුණු අතර ඔවුහු පාගමනින් වීරකැටිය මැදමුලන මංසන්ධිය අසළට පැමිණීමට උත්සාහ කළහ. උද්ඝෝකයන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ රුවට සමාන අනුරුවක් නිර්මාණය කර තිබූ අතර එය අතැතිව ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here