ජනපති, අගමැති ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායේ 360 ක්…

0
351

අදසිට මේ මස 19 වනදා දක්වා කාලයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු අනුරාධපුරයේ සංචාරයේ නිරත වීමට නියමිතයි.

මෙසේ අනුරාධපුර මිහින්තලය හා තත්තිරිමලය යන පුජා භූමි කේන්ද්‍රකර ගනිමින් පැවත්වෙන පොසොන් උත්සවයේ ආගමික කටයුතුවලට සහභාගි වන ජනාධිපති හා අගමැතිවරයාගේ විශේෂ ආරක්ෂාව සඳහා පුජාභූමියට යොදවා ඇති ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් 360 දෙනෙකු පමණ යෙදවීමට පියවර ගෙන ඇති බව සඳහන් වෙනවා.

හෙට දිනයේ ජනපතිවරයා නුරාධපුර අටමස්ථානයේ පිහිටි රුවන්වැලි මහා සෑයේ නැවත සංරක්ෂණය කළ විහාරමන්දිරය විවෘත කිරිමට නියමිතයි. මේ අතර, මේ මස 19 වනදා සවස මිහින්තලය රාජමහා විහාරයේ පැවැත්වෙන ලේක්හවුස් ආලෝක පුජාව විවෘත කරනුද ඇති. අග්‍රාමාත්‍යවරයා හෙට තන්තිරිමලය පුජා භූමියේ සංචාරය කරනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here