ජනපති අද ඕස්ට්‍රේලියා රාජ්‍ය සංචාරයක

0
324

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල අරයුමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (22) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරතවන දෙවැනි අවස්ථාව මෙය වෙයි. මීට පෙර ශ්‍රී ලංකාවේ නායකයකුට ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා ලැබ තිබුණේ 1954 වසරේදීය. එවකට ශ්‍රී ලංකාවේ අගමැති ධුරය හෙබවූ සර් ජෝන් කොතලාවල මහතා ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ ප්‍රථම ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයා විය.

එයින් වසර 63කට පසු රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනය ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු රාජ්‍ය නායකයින් 10 දෙනෙකු මෙරට පාලනය කර ඇති අතර රටක ගෞරවාන්විත සංචාරයක් ලෙස සැලකෙන නායකයෙකුගේ රාජ්‍ය සංචාරයක් හිමිව ඇත්තේ මෙරට පාලනය කළ රාජ්‍ය නායකයන් දෙදෙනෙකුට පමණි. එහි දෙවැනි ඇරයුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීම මුළු ලොවේම පැසසුමට ලක්ව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතගේ සංචාරය හෙට 23 ආරම්භ වන අතර එය අවසන් වන්නේ 26 වැනිදාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here