ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කාලය දික් කරයි

0
329

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කෙරුණු ආණ්ඩුකම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට එම කටයුතු අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් මාස තුනක කාලයක් ලබා දෙනු ලැබ ඇත.

ආණ්ඩුකම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදාට පෙර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මෙයට පෙර දැනුම්දී තිබිණ.

එහෙත් එම කටයුතු අවසන්වී නැති හෙයින් මණ්ඩලයට තවත් මාස තුනක කාලයක් මෙසේ ලබා දුන් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සතියට කීප වරක් රැස්වී ඒ පිළිබඳ යෝජනා අධ්‍යනය කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

නව ආණ්ඩු ආණ්ඩුකම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here