ජනපති ආරක්ෂාව 2000කින් ඉහළට!

0
962

අතිගරු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් අමතර පොලිස් සහ හමුදා බලඇණි දෙදහසක පිරිසක් යෙදවීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම අතිරේක බලඇණී කොළඹට කැඳවා ඇත.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රියාත්මක වන ජනාධිපති ආරක්ෂක සේනාවේ සහායට නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත්කර ඇත. මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල යටතේ වන ජනාධිපති ආරක්ෂක සේනාවේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා මෙම පත්කිරීම කර තිබේ.

මීට හේතුව වී ඇත්තෙ පසුගිය දවසක විරෝධතාවයට පැමිණි භික්ෂූන් වහන්සේ ජනාධිපති මන්දිරෙයේ ආරක්ෂක ලුහුවත්වීමක් හරහා ඇතුළුට පැමිණීමත් සමඟය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here