Saturday, September 21, 2024

ජනපති ආසියානු සහයෝගිතා සංවාද රාජ්‍ය නායක සමුළුව අමතයි

ආසියානු කලාපයට පොදුවේ බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආසියානු සහයෝගිතා සංවාද සමුළුව රටවල් 34ක සහභාගිත්වයෙන් මේ දිනවල බැංකොක් නුවරදී පැවැත්වෙන අතර එහි රාජ්‍ය නායක සමුළුව අද (10) පැවත්වේ.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායක සමුළුව අමතමින් සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

ආසියාවේ ඵලදායිතාව වැඩි කරමින් ලෝකයේ වැඩිම තරගකාරීත්වයක් ඇති කලාපයක් බවට ආසියානු කලාපය පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම රාජ්‍ය නායක සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර ඒ සඳහා පොදු එකඟතාවන් රැසකට එළැඹීමට ද නියමිතය.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ අනෙකුත් ආසියානු රටවල් අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දේශනය තුළින් කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ආසියානු කලාපය ඉහළ දියුණුවක් කරා ගෙන යාමේ ආසියානු සහයෝගිතා සංසදයේ රාජ්‍යමය වැඩපිළිවෙළ සමුළුවට සමගාමීව ඊයේ ආරම්භ කෙරිණි. ආසියානු සහයෝගිතා සංවාද සමුළුවට සහභාගීවන රටවල් 34ක ආයෝජකයන් සහ කර්මාන්තකරුවන් එම අවස්ථාවට එක්ව සිටියහ.

ආසියානු සහයෝගිතා සංසද රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාව තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ සනිටුහන් කෙරෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද විශේෂ ආරාධිතයකු ලෙස එම අවස්ථාවට එක් වෙයි.

අනතුරුව රාජ්‍ය නායක සමුළුවට සහභාගීවී සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles