Tuesday, September 24, 2024

ජනපති කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක. ඉදිකිරීම් කඩිනම් කරන ලෙස උපදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පස්වරැවෙි කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත විය.

ඒ ඉදිවෙමින් පවතින දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීමටය.

සබරගමු පළාතේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කල්තොට නිම්නයේ කූරගල පුදබිම පිහිටා තිබේ.

මහ රහතන් වහන්සේලා වැඩ සිටි ගල් ලෙන් 13ක් සහිත කූරගල පුදබිම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.

කූරගල පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් කූරගල විහාර භූමියේ සංවර්ධන කටයුතු සිදු කරයි.

එහි ඉදිකිරීම් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පුදබිම ආශ්‍රිත මාර්ග පද්ධතියේ සහ ආසන දෙදහසක් පැනවිය හැකි ලෙස නිර්මාණය කර ඇති ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මීට අමතරව කූරගල අසදිස ශාක්‍ය සුගත මහා සෑයේ පුජා වස්තු තැන්පත් කිරීමේ පූණ්‍ය මංගල්‍ය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඊට සමගාමීව කූරගල පුදබිම ආශ්‍රීත දුෂ්කර පාසල් කේන්ද්‍ර කර ගනිමින් සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක්ද අද පෙරවරුවේ පැවැත්විය.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් කූරගල විහාර භූමියේ සංවර්ධන කටයුතු සිදු කෙරේ. එහි ඉදිකිරීම් නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා පුදබිම ආශ්‍රිත මාර්ග පද්ධතියේ සහ ආසන දෙදහසක් පැනවිය හැකි ලෙස නිර්මාණය කර ඇති ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබී ය.

පුදබිමට පැමිණ සිටි ජනතාව සමඟ කතා බහ කළ ජනාධිපතිතුමා අවට භූමිය ද නිරීක්ෂණය කළේය.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්මමහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles