Monday, December 23, 2024

ජනපති නියෝගයෙන් වැඩ ඇරඹූ අල්ලස් කොමිසමට තිරුකුමරන් නඩේෂන් කැඳවයි

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තිරුකුමාර් නඩේෂන් මහතාව හෙට (08) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වෙි.

ඒ ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

අල්ලස් හෝ දූෂණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ හෙට උදෑසන 9 ට ඔහු කොමිසමට කැඳවා ඇති බවයි.

පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර මාසයක කාලයක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුවත් කිරීම අනුව මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles