Wednesday, November 20, 2024

ජනපති පක්ෂ 15 ක් සමඟ සන්ධාන ගතවෙයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දේශපාලන පක්ෂ 15ක් සමඟ අද පෙරවරුවේ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නිළ නිවසේදී මෙම ගිවිසුමට අත්සන් තැබූ බව ඊට එක්වූ පක්ෂ නායකයෙකු  කියා සිටියා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ඊයේ ජනාධිපති නිළ නිවසේදී රැස්වූ අවස්ථාවේදී නිදහස් සන්ධානය පුළුල් කිරීමට අනුමැතිය හිමි වුණා.

ඒ අනුවයි පක්ෂ 15ක් සමඟ ගිවිසුමට අද අත්සන් තබා ඇත්තේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙලෙස නිදහස් සන්ධානය පුළුල් කිරීමට තීරණය කර ඇති බවයි ගිවිසුම් ගත වූ පක්ෂ නායකයන් කියා සිටියේ.

ජනාධිපතිවරයා සමඟ ගිවිසුමට අත්සන් තැබූ පක්ෂ අතර හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය, ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයාගේ EPDP සංවිධානය ALM අතාවුල්ලාගේ ජාතික කොංග්‍රසය ද සිටිනවා.

ආරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ALM  අතාවුල්ලාගේ ජාතික කොංග්‍රසය ද ඉදිරියේදී නිදහස් සන්ධානයට එක්වන බව ඊයේ පැවැති විධායක සභා රැස්වීමෙන් අනතුරුව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles