රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගුපෝලිමි

0
349

රට පුරා ඉන්ධන හල් ආශ්‍රිතව ඊයේ (15) පස්වරැවෙි සිට දිගු පෝලිම් දක්නට ලැබුණි. බොරතෙල් පිරිපහදුව අකර්මණ්‍ය වීමත් සමග දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල මෙලෙස ඉන්ධන පෝලිම් දක්නට ලැබිණි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙි නිවෙිදනය නිකුත් වීමත් සමගම ඉන්ධන හිඟයක් ඇතිවෙතැයි ජනතාව ඉන්ධන එක්රැස් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇත.

වාහන වලින් සහ වෙනත් භාජන රැගෙන පැමිණි පිරිස් ඒවාට ඉන්ධන ලබාගනු දක්නට හැකිවිය.ඇතැම් ඉන්ධන හල් තෙල් තොග අවසන්වී වසා දමා ඇති බව ද වාර්තා විය.

එහෙත් රට තුළ ඉන්ධන හිගයක් ඇති නොවීමට රජය පියවර ගන්නා බවයි අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here