ජනපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ශානුක පත්කරයි.

0
1036

විද්‍යුත් මාධ්‍ය සහ නව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික අත්දැකීම් ඇති තරුණ ජනමාධ්‍යවේදියෙක් වූ ශානුක කරුණාරත්න මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම පත්කිරීම කර ඇත.

අයි.ටී.එන් මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස ද කටයුතු කර ඇති ශානුක කරුණාරත්න මහතා යහපාලන රජය සමයේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී මාධ්‍ය ලේකම් ලෙස ද කටයුතු කළේය. පසුගිය සමයේ සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්තිවාර්තා ප්‍රචාරණයේ නව මානයක් රැසක අත්හදාබැලීම් කළ ඔහු ප්‍රවෘත්ති වෙබ් නාලිකා කිහිපයක කටයුතු කළේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයකු ලෙස මාධ්‍ය  වෘත්තියට පිවිසි කරුණාරත්න මහතා පෞද්ගලික රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතන කිහිපයක ප්‍රවෘත්ති  ප්‍රධානී සහ ප්‍රවෘත්ති සංස්කාරක තනතුරු දරා ඇත.

කෑගල්ල ශාන්ත මරියා විදුහලේ ආදි සිසුවකු වන ශානුක  කරුණාරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ  විශ්ව විද්‍යාල වල ජන සන්නිවේදනය සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here