ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නව සමාජිකයන් දෙදෙනෙකු පත්කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරිය සහ සාමාජිකයෙකු ලෙස ගරු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය පත්කර තිබෙනවා.
එසේම එහි සාමාජිකයෙකු ලෙස ජ්‍ය කළුපහන පියරතන ස්වාමින් වහන්සේ ද පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.