Sunday, September 22, 2024

ජනපති මැදුරෙත් ඩෙංගු මදුරුවා අණසක පතුරයි..

කොළඹ පිහිටි ජනාධිපති නිල නිවස අවට ඩෙංගු මදුරුවන්ගේ ගහණය සීඝ‍්‍රයෙන් වැඩි වී තිබෙනවා. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, විශාකා විද්‍යාලය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අවට ප‍්‍රදේශවල ද ඩෙංගු මදුරුවන්ගේ ගහණය වැඩි වී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මියගෙන් ද විමසීමක් කළා. ඇය කියා සිටියේ කොළඹ දිස්ත‍්‍රික්කයට අමතරව ගම්පහ දිස්ත‍්‍රික්කයේ ද ඩෙංගු ව්‍යාප්තිය වේගවත් වී තිබෙන බවයි.

මෙම වසරේ වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාව ඉකුත් වසරවලට සාපේක්ෂව වැඩි වී තිබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඩෙංගු අවදානමෙන් මිදීම සඳහා සියලූ පාර්ශ්වවල අවධානය සහ සහාය අවශ්‍ය බවද ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය කියා සිටියා. තමන් වෙසෙන පරිශ‍්‍ර සෑම විටම පිරිසිදුව තබාගන්නා ලෙසයි ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles