Sunday, September 22, 2024

ජනපති මෛත්‍රී පාද යාත්‍රාව නවතයිද..?

එස්.ඩී. බණ්ඩාරනායක මහතා ජේ.ආර්.ගේ පාගමන ඉඹුල්ගොඩදී නැවැත්වූවා සේම මහින්ද රාජපක්ෂගේ පාගමන මාවනැල්ලේදී නතර කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද  (29දා) ඉතිහාස පොතට එක්වනු ඇතැයි අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කර තිඛෙනවා.

ඊයේ  දහවල් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ජාවකදී  ඔහු මේ බව අනාවරණ කර ඇතැයි සදහන්.

පාද යාත්‍රාව මාවනැල්ල නගරයට අතුළුවීම අධිකරණය විසින් වාරණය කර ඇත්තේ, ජනාධිපතිවරයා එදින මාවනැල්ලේ පාසලක හා විහාරස්ථානයක පැවැත්වෙන ආගමික උත්සවයකට සහභාගී වන හෙයින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව බවට එජාප ඇමතිවරුන් පිරිසක් කල පැහැදිලි කිරීමෙන් පසුව අමාත්‍යවරයා මේ බව පවස‍ා තිඛෙනවා.

ජනාධිපතිවරයා අද උදැසන මාවනැල්ලේ පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගී වීමට නියමිතයි.

පාගමනේ යෙදෙන කිසිවකුට හිරිහැරයක් නොවීමට වගබලා ගන්නා ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි ද ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කළා.

මේ අතර, ඊයේ පේරාදෙණියෙන් ආරම්භ වූ ජන සටන විරෝධතා පාද යාත‍්‍රාව මාවනැල්ල නගර සීමාවේ ගනේතැන්නේදී පළමු දිනට අවසන් වුණා.

මාවනැල්ල නගරයට අතුළු වීම අධිකරණය විසින් වාරණය කර තිබූ අතර පොලීසියද ඊයේ පස්වරුවේ එම ස්ථානයේ රඳවා සිටියා.

දෙවැනි දිනය වන අද පෙළපාලිය ආරම්භ වන්නේ මාවනැල්ල නගර සීමාව පසුකරමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles