Sunday, January 12, 2025

ජනපති රාජාසන කථාව රනිල් කල් තැබීමේ විවාදයක් ඉල්ලයි

ජනවාරි මස 18 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා පවත්වන රාජාසන කතාව සම්බන්ධයෙන් ජනවාරි 19 සහ 20 යන දිනයන්හිදී පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේදී විවාදයක් ඉල්ලා තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය අමතා අද කොළබදි මේ බව පැවසීය.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවත්වන රාජාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තීරණය කරන පක්ෂ නායක කමිටුව පාර්ලිමේන්තු වාර අවසානයත් සමඟ අහෝසි වී ඇති හෙයින් ඉහත කල් තැබීමේ විවාදය ජනවාරි 19, 20 හෝ 21 දින වලින් එකක දී පැවැත්වීම සුදුසු බවද රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

ඉහත විවාදය සම්බන්ධයෙන් තමා ජනවාරි 3 වැනි දින සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ දුරකථනයෙන් කතා කළ බව කියන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට පසුව ඊට අදාළව මෙවැනි විවාදයක් පැවැත්වීම 1978 ව්‍යවස්ථාව ගෙන ඒමෙන් පසුව සම්ප්‍රදායක් ලෙස පැවත ගෙන එන බව ද සිහිපත් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles