ජනපති ලේකම් කාර්යාලයේ දුරකථන ඇමතුම් ගැන CID පරීක්ෂණයක්

0
308

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිදුවූ දින නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට ලැබුණු දුරකථන ඇමතුම් සහ ජනපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු බව කියන දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව එම ඝාතනයට සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ  රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ සැකකරුවන්ට ඇප ලබා දීමට නොහැකි බැවින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර ඇත.

නඩුව නැවත අගෝස්තු 10 වැනි දා කැඳවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here