ජනපති විසින් ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කෙරේ

0
290

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.

මයික්‍රෝ හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ලෝරන්ස් පෙරේරා, ජනාධිපති නීතීඥ -කුෂාන් ඩී අල්විස්, තන්ත්‍රී ට්‍රේලර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල හපුතන්ත්‍රි සහ ජාත්‍යන්තර ආයෝජන බැංකුකරු ජයමින් පැල්පොල යන මහත්වරු නව අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් වෙයි.

නව අධ්‍යක්ෂ මණ්ඩලය සමගින් ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය යන මහත්වරුන් අතර හමුවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී පවත්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here