ජනපති විසින් නව යුධ හමුදා ප්‍රධානියා පත් කරයි

0
530

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ පත්කර තිබෙනවා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකරනු ලැබුවා.

ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් විකුම් ලියනගේ එම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධුරය දරණු ලැබුවා.

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි ඉටුකළ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් විකුම් ලියනගේ එම ධුරයට පත්කරනු ලැබුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here