ජනපති සංචරණ සීමා දැම්මත් කොළඹින් පිට හෝටල් සියල්ල පිරිලා!

0
307

සති අන්තයේ දීර්ඝ නිවාඩුවක් පවතින බැවින් සංචරණ සීමාවන් දැඩි කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබියදීත්  කොළඹින් පිට පළාත්වල ප්‍රධාන හෝටල් සියල්ලේම කාමර වෙන්වී හමාර බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
පළාත් සංචරණ සිමාවන් පනවා තිබියදීත්  එම සීමාවන් මායිම් නොකර බොහෝ පිරිස් අදාල ප්‍රදේශ කරා ගමන් කරමින් සිටින බවට  මේ වන විටත් තොරතුරු ලැබෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේඥ වෛද්‍ය ලාල් පනාපිටිය  සඳහන් කරයි.


කොවිඩ් අවදානම පහව ගොස් නොමැති පසුබිමක ජනතාව සෞඛ්‍ය උපදෙස් නොපිලිපැදීම හේතුවෙන් නැවත වරක් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ බරපතල අවදානමක් ගොඩනැගීම වැලැක්විය නොහැකි යැයිද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here