Monday, September 23, 2024

ජනපති හා ඇල්ලේ හිමි අතර රහස් සාකච්ඡාවක්; 20 යළි සංශෝධනය වෙයි ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි අතර රහස් සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (08) ඇල්ලේ හිමිගේ පන්සලේ පැවැති බව වාර්තා වේ. කෙසේවුවද, ජනපතිවරයා ඇල්ලේ හිමිව හමුවන්නට කළ ඉල්ලීමකට අනුව මේ සාකච්ඡාව පවත්වා ඇතැයි පැවසේ. 

එහිදී එහිමියෝ 20 වැනි සංශෝධනයට විරෝධය දක්වා පසුව නිහඬවූයේ ජනපතිවරයාගේ පොරොන්දු මත බවත්, ඒ පොරොන්දුවලට අනුව උන්වහන්සේ ඇතුළු විද්වතුන් එක් කළ අලුත් සංශෝධන ඇතුළත්ව 20 වැනි සංශෝධනය වෙනස්කරමින් නව ව්‍යස්ථාවක් ඉදිරිපත් කරන බවට වූ පොරොන්දුව ප්‍රමාද වී ඇති බවද පවසා තිබේ. 

කෙසේවුවද, එහිදී ජනපතිවරයා නව ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එන බවත්, තමාට වැඩ කිරීමට තවත් වසර තුනක් ඇති බවත්, ඒ කාලයේදී වැඩ කර පෙන්න බවත් පැවසූ බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඉරිදා දිවයින පුවත්පතේන්ද හෙළිකර තිබේ. “”ජනාධිපතිතුමා මම මේක කියන්න ඕන… සමහර අය පෙන්නල දෙනවා අපි දැන් මේ ආණ්ඩුවට විරුද්ධයි කියලා. ඔබතුමාට විරුද්ධව කතා කරනවා කියලා. අපි කියන කරන සමහර දේවල්වලට අනුව එහෙම පෙනෙනවත් ඇති. එහෙම පෙනුනට කමකුත් නැහැ. හැබැයි ඔබතුමා මේක පැහැදිලිව අවබෝධ කරගන්න ඕන.අපි මේ ආණ්ඩුවට විරෝධ නොවෙයි. හැබැයි මේ කෙරීගෙන යන සමහර දේවල්වලට අනුව පෙනෙන දේ තමයි ආණ්ඩුව ජනතාවට විරුද්ධයි කියන එක. අන්න එතෙන්දී අපට සිද්ධ වෙනවා ජනතාවගේ පැත්ත ගන්න. ඒකයි මේ වෙන්නේ.


මේ ආණ්ඩුව බලයට පත් කරන්න ජනතා මතය හදන්න වේදිකාවල්වල කතා කළේ අපි.
අපි එතනදී ජනතාවට බලාපොරොත්තු දුන්නා. ඔබතුමාලා ඒ අනුව ජනතාවට පොරොන්දු දුන්නා. දැන් අපිට ඒ පොරොන්දු ඉටු කෙරෙන්න ඕන. මොකද ඒ දේ වෙනකන් ජනතාව බලා ඉන්නවා. ඒ දේ වෙන්නේ නැත්නම් අපට සිද්ධ වෙනවා මේ රජය විවේචනය කරන්න. ඒත් වෙන්නේ නැත්නම් අපට සිද්ධ වෙනවා පොරොන්දු ඉටුකරන්න කියලා රජයට බලපෑම් කරන්න. එහෙමත් වුණේ නැත්නම් අපට සිද්ධ වෙනවා රජයට එරෙහිව සටන් කරන්න…


ඉතින් මේක ක‍්‍රමිකව යන ගමනක්, මිස රජයට විරුද්ධව කරලි ගැසීමක් නම් නොවෙයි…


”මම දන්නවා අපේ හාමුදුරුවනේ. මේ ගැන කරුණු වශයෙන් කිව්වා නම් තවත් වැදගත්.’’


එහිදී ඇල්ලේ නායක හාමුදුරුවෝ කරුණු කිහිපයක් ගැනම ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ඇත.


”ඔබතුමාලා 20 වන සංශෝධනය ගේන වෙලාවේ අපි ඊට විරුද්ධ වුණා. ඔබතුමාට එය කරන්නම ඕන වුණා. ඔබතුමා අපෙන් ඉල්ලීමක් කළා මේ වෙලාවේ අපට මේක කරන්න දෙන්න, දෙවනුව අලූත් ව්‍යවස්ථාවක් හදනවා. එහිදී අපි විරෝධතා විදියට ඉදිරිපත් කරපු කරුණු ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා කියලා.


පොරොන්දුව වුණාට තාම ඒක ඉටුවුණේ නැහැ. අලූත් ව්‍යවස්ථාව ගේන්න ඕන. ඊට අපි මේ රට වෙනුවෙන් ඉදිරිපත් කරපු යෝජනා ඇතුළත් වෙන්න ඕන.
ඒ වගේම එදා පොරොන්දු වුණා ඔබලා ආවාම ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා. නමුත් ඒ පොරොන්දු ඉටුකරන බවක් පේන්න නෑ…”
මේ අයුරින් ඇල්ලේ හිමියෝ කරුණු රාශියක් ඉදිරිපත් කර සිටියහ. ජාතික සම්පත් විකිණීම, ඇමැතිවරුන්ගේ අකාර්යක්‍ෂමතාව, නිලධාරීන්ගේ නොහැකියාව, ආයතන ප‍්‍රධානීන්ගේ නොහැකියාව, සමහර නිලධාරීන්ගේ නොසුදුසුකම්, ඇතැම් නිලධාරීන්ගේ නොගැළපීම මෙන්ම ඇතැම් මැති ඇමැතිවරුන්ගේ වංචා දූෂණ ගැන ද ලොකු කරුණු හෙළිදරව්වක් ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ පැත්තෙන් සිදුවිය.
පැය 2කටත් අධික කාලයක් ඉතා සාවධානව මේ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඇහුන්කන් දුන්නේය.
”ඔබවහන්සේ බලා ඉන්න… ඉතාම ඉක්මනින් මේ අඩුපාඩු මේ වැරැදි නිවැරැදි වේවි. මට වැඩ කරන්න තව අවුරුදු 3ක කාලයක් තියනවා…”
ඒක ඇත්ත… වැඩ කරන නායකයෙක් වෙන්න. වැඩ කරපු නායකයෙක් විදිහට ජනතා ගෞරවයට පාත‍්‍ර වේවි. ඔබතුමා මේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන ලස්සන කරන්න උරදීල වැඩ කරපු නායකයා බව ජනතාව දන්නවා. මේ ටික කරන්නත් ඔබතුමාට අමාරු නෑ. ඉතිහාස ගතවෙන නායකයෙක් විදියට වැඩ කළොත් ඔබතුමාට පුළුවන් ගෞරවාන්විතව කවදාක හරි සමුගන්න.


මේ අයුරින් එම සාකච්ඡාව අවසන් කළ ජනාධිපතිවරයා යළි ගෙදර ආවේ ඉතා සතුටිනි.

Srilankamirror

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles