Thursday, January 23, 2025

ජනපති 2050 දී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව හෙළි කරයි.කාබන්වලින් නිදහස් – අලුතින් ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමෙි බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකාව තුළ සූර්ය සහ සුළං ඇතුළත් පුනර්ජනනීය බලශක්ති සඳහා තවදුරටත් මහාපරිමාණ ආයෝජකයින්ට ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම ආරාධනය සිදු කළේ, ඊයේ පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන බලශක්තිය සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ කථිකාවකට එක්වෙමිනි.

මානව අවශ්‍යතා සපුරාලන අතරම සඳහා ගෝලීය ප්‍රජාවගේ ඉහළම ප්‍රමුඛතාවක්‌ හිමිවිය යුතු බවත් තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය සේම පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩුකිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ (24) නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදය ආරම්භ වුණා.

“සෑම කෙනෙකුටම දැරිය හැකි, විශ්වාසදායක සහ තිරසර බලශක්තීන් ලබාගැනීමට ඇති හැකියාව සහතික කිරීම” එහි තේමාව වුණා.

මිනිසා විසින්‌ ඇතිකරන පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන්‌ පෘථිවියට ඇතිවන තර්ජන තවදුරටත්‌ නොසලකා හැරිය නොහැකිය. ඉදිරි දශක කිහිපය තුළදී මෙම තර්ජනය අවම කර ගැනීමට නම්‌ ගෝලීය වශයෙන්‌ පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යාවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා වඩාත්‌ තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්‍රවේශවීමට උත්සාහ දරමින්‌ සිටින දියුණු වෙමින්‌ පවතින ජාතීන්ට සහයවන ලෙස ද හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන්‌ ඉල්ලා සිටියේය.

මානව අවශ්‍යතා සපුරාලන අතරම පෘථිවියේ සෞඛ්‍යය පවත්වාගැනීම සඳහා ගෝලීය ප්‍රජාවගේ ඉහළම ප්‍රමුඛතාවක් හිමිවිය යුතු බව, සංවාදය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

මිනිසා විසින් ඇති කරන පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇති වන තර්ජන තවදුරටත් නොසලකා හැරිය නොහැකි බව ජනපති පැවසුවා.

ඒ අනුව, ඉදිරි දශක කිහිපය තුළදී මෙම තර්ජනය අවම කරගැනීමට නම්, ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යවශ්‍ය බවය ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එහිදී ජනාධිපතිවරයා, වඩාත් තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්‍රවේශවීමට උත්සාහ දරමින් සිටින දියුණු වෙමින් පවතින ජාතීන්ට සහායවන ලෙස ද හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියා.

තිරසර බලශක්ති සංවර්ධනයට ශ්‍රී ලංකාව අඛණ්ඩවම කැපවී සිටින බවත් වසර 2030 වනවිට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අරමුණ බවත් ජනපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළා.

නව ගල්‌ අගුරු බලාගාර ඉදි නොකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම, දේශගුණික විපර්යාසයන්‌ පිළිබඳ එක්සත්‌ ජාතීන්ගේ සම්මුතිය සඳහා ලබාදෙන දායකත්වය පිළිබිඹු කරන්නක්‌ බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව, නව ගල්‌ අඟුරු බලයක්‌ නොමැති බලශක්ති සම්මුතියේ සම – නායකයෙකු වීම ගැන ද සතුට පළකළේය.

තිරසර බලශක්ති සංවර්ධනයට ශ්‍රී ලංකාව අඛණ්ඩවම කැපවී සිටී. වසර 2030 වචන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන්‌ 70%ක්‌ පුනර්ජනනීය බලශක්තියෙන්‌ සපුරා ගැනීම අරමුණ බවත්‌, පොසිල ඉන්ධනවලින්‌ ක්‍රමානුකූලව ඉවත්‌ වී,  කාබනීහරණය ප්‍රවර්ධනය කිරීම සහ වසර 2050 වනවිට ශ්‍රී ලංකාව කාබන්වලින් නිදහස් රටක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම්සහගතව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

රටපුරා කුඩා ප්‍රමාණයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති 7,000 ක ආයෝජනය කිරීමට එක්වන ලෙස ශ්‍රී ලංකාව වාවසායකයින්‌, කුඩා ව්‍යාපාර සහ ප්‍රජා සංවිධාන දිරිමත්‌ කරමින්‌ සිටින අතර රටේ විශාලතම සුළං විදුලි බලාගාරය ද මෑතකදී විවෘත කළ බව ජනාධිපතිවරයා සඳහන්‌ කළේය.

ඉදිරි දශක කිහිපය තුළදී පුනර්ජනනීය බලශක්තීන්‌, විශේෂයෙන්‌ සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ සදහා වන මහා පරිමාණ ආයෝජන තවදුරටත්‌ ශ්‍රී ලංකාව සාදරයෙන්‌ පිළිගන්නා බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles