ජනමාධ්‍ය නීති වෙනස් වන හැඩ!

0
430

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඉදිරියේදී අවධානය යොමු කළ යුතු අංශ සම්බන්ධයෙන් සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් උපදෙස් ලබාගෙන තිබෙනවා.

ඒ, මාධ්‍යය, තාරුණ්‍යය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදීයි.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී  වීරසුමන වීරසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර එම කාරක සභාවේ සභාපතිත්වය දරනු ලබනවා.

අදාළ කාරකසභාවට කැලණිය විශ්විවද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ හොරණ ශ්‍රීපාලි මණ්ඩපය නියෝජනය කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරු පැමිණි බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහිදී ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම, නාලිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය, ගුණාත්මකව ටෙලිනාට්‍ය සකස්විය යුතු ආකාරය, මෙරට ජනමාධ්‍ය  පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සහ ළමයා සම්බන්ධයෙන් මාධ්‍ය ක්‍රියාකිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ගුණාත්මක මාධ්‍ය දර්ශකයක් සකස්කිරීම වෙනුවෙන් වසර 10ක් අරමුණු කරගත් ජාතික සැලැස්මක් සකස් කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here