ජනවාරි 3 වනදා සිට මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරයක් අලවයි

0
372

බදු පැහැර හරින මත්පැන් සමාගම්වලින් රුපියල් කෝටි 5000 ක් පමණ අයකර ගැනීම සඳහා මත්පැන් බෝතල් මත ආරක්‍ෂිත ස්ටිකරයක් ඇලවීම ලබන මස 03 වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ ආනයනික සියලුම මත්පැන් බෝතල් සහ කෑන් මත ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අනිවාර්ය කෙරේ.

රාජ්‍ය භාණ්ඩාගාරයට අයවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

නීති විරෝධී මත්පැන් වර්ග දේශීය මත්පැන් වෙළඳපලට ඇතුළත් වීම වැළැක්වීම සහ නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත ස්ටිකරය ක්‍රමය හඳුන්වා දුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි

නව ස්ටිකර් සහිත මත්පැන් වෙළෙඳපොලට සැපයීමට පෙර වෙළඳපලේ ඇති ස්ටිකරය රහිත මත්පැන් තොග අවසන් කිරීමට ලබන අප්‍රේල් 1 වැනිදා දක්වා මාස තුනක කාලය ලබාදෙන බවත් ඉන් පසුව සමස්ත වෙළඳපොලේ අළෙවි වන සියලුම මත්පැන් බෝතල් සහ කෑන්වල ආරක්ෂිත ස්ටිකරය තිබීම අනිවාර්ය බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here