ජනාධිපතිට බංග්ලාදේශයෙන් උණුසුම් පිළිගැනීමක්

0
339

බංග්ලාදේශ අගමැතිනි  ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින  සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවිය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙයි.

ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාරයක් ද පිරිනැමිණි.

එමෙන්ම ශ්‍රී ලංකා – බංග්ලාදේශ ජාතික ධජවලින් ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සරසා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here