ජනාධිපතිවරණයෙන් පසුව තරුණයන් එදා තාප්පවල චිත්‍ර අදිද්දි රටෙි කොරෝනා වසංගතයක් තිබුණේ නෑ

0
297

ජනාධිපතිවරණයෙන් පසුව තරුණයන් එදා තාප්පවල චිත්‍ර අදිද්දි රට තුල කොරෝනා වසංගතයක් නොතිබූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් අද තත්වය වෙනස් වී ඇති බවත් නිවසින් බැහැරව යන්නට සිදුව ඇත්තේ මාස්ක් එකක් දමාගෙන බවත් පැවසූ ඔහු එසේ හෝ එළියට යාමට හැකියාවක් ඇති වී තිබෙන්නේ එන්නත්කරණය නිසා බවද පැවසීය.

අද වන විට ගෝලීය වශයෙනුත් තරුණ ප්‍රජාව ඉන්නේ අසහනයෙන් බවත් ඔවුනට ද කොරොනා නිසා යම් යම් ප්‍රශ්න ඇති වී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

ගතවූ වසර දෙකක පමණ කාලය ආණ්ඩුවට අභියෝගාත්මක වසරක් වූ බවද පැවසූ ඔහු එළඹෙන වසරේ දී අභියෝග ජයගෙන රට සංවර්ධනය කරා ගෙන යාම අපේක්ෂාව බවත් ඔහු තවදුරටත් පැවසීය.

කොළඹ පැවැති වැඩසටහනක් අමතමින් මාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here