Saturday, September 21, 2024

ජනාධිපතිවරයාගේ වාර්ෂික වැය ශීර්ෂය කෝටි 1077කින් පහත හෙළයි

2022 වසරේ ජනාධිපති වැය ශීර්ෂය රුපියල් කෝටි 1,077කින් පහත හෙළා ඇත. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වන්නට පෙර 2019 වසරේදී ජනාධිපති වැය ශීර්ෂය රුපියල් කෝටි 1,355ක් වූ අතර 2022 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපති වැය ශීර්ෂය රුපියල් කෝටි 278කි.

2019 වර්ෂයේදී රුපියල් කෝටි 1,355ක් වූ ජනාධිපති වැය ශීර්ෂය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කළ පළමු අයවැයේදී එනම් 2021 වසරේදී රුපියල් කෝටි 934 දක්වා රුපියල් කෝටි 421කින් පහත දැමීමට කටයුතු කළේය.

2021 වසරේදි රුපියල් කෝටි 934ක් වු ජනාධිපති වැය ශීර්ෂය 2022 වසරේදී රුපියල් කෝටි 278 දක්වා පහත දැමීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. ඒ අනුව 2022 වසරේදී ජනාධිපති වැය ශීර්ෂය රුපියල් කෝටි 656කින් පහත දමා තිබේ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 3,000කින් පහත දමා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles