Saturday, September 21, 2024

ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දී අග්‍රාමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ මහතාට ලබා දෙයි කියලා විශ්වාස කරනවා

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහා පරිමාණ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පී බී ජයසුන්දර මහතා සිදුකළ මූල්‍ය දූෂණ වංචා පිළිබඳව තමන් වසර ගණනක සිට දිගින් දිගටම හෙළි කළ ද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති අතර බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත අද ඔහු ජනාධිපති ලේකම් ධුරයට ද පත්ව ඇති බව විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ද දුෂණ වංචා රැසක් ඇති බවත් සී අයි ඒ ඔත්තුකරුවෙකු කිසිදු අනුමැතියකින් තොරව මහ ජනතාවගේ බදු මුදලින් කබ්රාල් මහතා වැටුප් ගෙවා ඇති බව ඒ මහතා පවසයි.

ඒ අනුව පී බී ජයසුන්දර මහතාට සහ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට නීතිය ක්‍රියාත්මක නොවීම විමතියට කරුණක් බවත් ඔහු පැවසීය.

අද වන විට පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලන ඕනෑම දෙයක් ඉටුකරන තත්ත්වයකට පත්ව ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දී අග්‍රාමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදීමට කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

පොල් කඩන අයෙකුට සිය කාර්යාලයේ වැඩ කටයුතු වැඩකටයුතු කිරීමට බාර දුන්නොත් එය කළ නොහැක්කා සේ බැසිල් රාජපක්ෂ මහතාට ද මුදල් අමාත්‍ය ධුරයේ හෝ අග්‍රාමාත්‍ය ධූරයරයෙ වගකීම ඉටු කිරීමට නොහැකි බවත් ඔහු පැවසීය.

අද රට චිනය ඉදිරියේ ණය උගුලක සිරවී ඇති බවත් චීනය ශ්‍රී ලංකාවට ණය ලබා දී ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට සමස්ත රටම ඔවුන් සතු කර ගනීමට ඉදිරියේ දී කටයුතු කරනු ඇති බවත් විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එහි දී ලෝක බලවතා වීමට සිහින දකින චීනය ශ්‍රී ලංකාව යුධ උපක්‍රමශීලී මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියේ දී යොදා ගනු ඇති බව විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකට එක්වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles