Friday, January 24, 2025

ජනාධිපති , අගමැති විශේෂ උපදෙස් මත ඇමති වජිර සාලාව අපදාවේ සහන සැලසීමට යයි

කොස්ගම, සාලාව යුද හමුදා කදවුරේ පිපිරීම හේතුවෙන් ආපදා තත්ත්වයට පත්වුන් සඳහා සහන සැලසීමේ කටයුතු පිළිබඳ ප්‍රගති සමා‍ලෝචන රැස්වීමකට හා එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට 2016 ජුනි මස 12 (අද) දින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වුහ.

9cf7bdc0-8518-4c80-bbde-383160e8572fc474e130-d5c3-483b-9f7c-8c72760c8260

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත ආපදා තත්ත්වයට පත්වුවන්ට සහන සැලසීමේ කටයුතු පිළිබඳව සොයා බලන ලෙස තමන්ට දැනුම් දුන් බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

ආපදා තත්ත්වයට පත් වුවන් සඳහා සහන කටයුතු සැලසීම වෙනුවෙන් මෙහිදී ආරක්‍ෂ අංශ, රාජ්‍ය නිලධාරී ඇතුළු පිරිසට වි‍ශේෂ ස්තූතියක් පළ කළ අමාත්‍යවරයා, විදුලිය බිඳ වැටීම යථාතත්ත්වයට පත් කිරීම, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, ආපදා කළමනාකරණය හා නිවාස හා ව්‍යාපාරික ස්ථාන තක්සේරු කිරීම් පිළිබඳ වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු කර විය.

දැනට වසා දමා ඇති 2016/06/13 වන දින විවෘත වන ශාන්ත ජෝන් බොස්කෝ කළුඅග්ගල, බොරලුගොඩ සිද්ධාර්ථ විද්‍යාලය, අකරවිට විද්‍යාලය, අලුත් අම්බලම විද්‍යාලය සහ කොස්ගම විද්‍යාල වල දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ තමාට තිබෙන ඇඳුමකින් පාසල් පැමිණිය හැකි බව දැනුම් දුන් අතර යුද හමුදාව මගින් එම දරුවන් සඳහා පාසල් උපකරණ හා පොත්පත් ලබාදීමට ද පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සහන කටයුතු අවසන් වු පසු ප්‍රදේශයේ ප්‍රාදේශී ජංගම සේවාවන් පවත්වා හානියට පත් හැදුනුම්පත්, උප්පැන්න, විවාහ සහ මරණ සහතික රජයේ වියදමකින් තොරව නොමිලේම ලබාදීමට අවශ්‍ය කටයුතු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පුර්ණ මැදිහත්වීමේන් ලබාදෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී ගත් විශේෂ තීරණ අතර විදුලි සැපයුම නැවත ලබාදීමේදී ගාස්තු අයකිරීමක් සිදු නොකිරීම, ගාස්තු නොගෙවා ඉතිරිවූ හිඟ බිල්පත් සඳහා මාස 06 ක සහන කාලයක් ලබා දීම, තිබූ ස්ථාවර දුරකථන අංකයටම CDMA දුරකථන ලබාදීමට ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන මහතා එකඟත්ව ඵළ කර ඇති බව දැනුම් දීම, ප්‍රධාන මාර්ගය වැසූ නිසා අතරු මාර්ග භාවිතයට ගත් බැවින් එම මාර්ග අබලන් වී ඇති නිසා කඩිනමින් එම මාර්ග සකස් කරීමට බස්නාහිර පළාත් ලේකම්තුමන්ගේ විශේෂ අවධානය යොමු කිරීම, බස්නාහිර පළාතේ සියලුම තක්සේරු නිලධාරීන් කැඳවා තක්සේරු කටයුතු අවසන් කිරීම, දැනට නිවාස 360 තක්සේරුකර අවසන් කර ඇති අතර ඉතිරි 419 තක්සේරු කිරීම 12, 13 යන දිනයන් හීදී අවසන් කිරීම, දැනට පවත්වාගෙන යන අවතැන් කඳවුරු සඳහා විශේෂ සහන කටයුතු සැලසීම ප්‍රධාන වේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කීය. “කිසිදු භේදයකින් තොරව නිවාස හා ව්‍යාපාරික ස්ථාන තක්සේරු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. ග්‍රාම නිලධාරීන් මැදිහත්වී සියලු ගැටලු පිළිබඳ ප්‍රාදේශීය ලේකම්තුමන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ව්‍යපාරික ස්ථාන හානියට පත්වුවන්ට ඔවුන් ලබාගත් ණය පිළිබඳ මාස 06 ක් හෝ අවුද්දක කාලයක් ලබාදීමට සියලුම බැංකු සමග අප සාකච්ඡා කර ඒ පිළිබඳ තීන්දුවකට එළඹුනා. රක්‍ෂණ සමාගම සඳහාත් යම් වන්දි මුදලක් ප්‍රදානය කිරීමේ හැකියාව පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. මෙම කටයුතු නිසි ලෙස කඩිනමින් සිදු වන්නේද යන්න පිළිබඳ නුදුරේදීම යළිත් මෙම ප්‍රදේශයට පැමිණ සොයා බැලීමට මම කටයුතු කරනවා.”

7daed16d-bf34-4baf-a7d4-e018ab04bb9f

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පිපිරීමෙන් විනාශයට පත්වු සාලාව ප්‍රදේශයේ නිවාස නිරීක්‍ෂණය කිරීමට අමාත්‍යවරයා ගිය අතර අනතුරුව ඔවුන් සඳහා වියළි සලාක බෙදාදීමක්ද සිදුවිය.

69ef7d0f-e5d2-4a5d-80fc-9f38f54e53a91446c885-d85b-4632-8107-127fdd761ea1

මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කංනන්ගර, සීතාවක ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මාපා, හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහත්වරු ඇතුළු ආරක්‍ෂක නිලධාරීන් සහ අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරු එක්වුහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles