ජනාධිපති ඉල්ලා අස්වුණොත් පාර්ලිමේන්තුවෙි අයෙක් බහුතර කැමැත්තෙන් පත්වෙයි

0
313

හෙට ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැතැයි ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.

එවිට කල හැක්කේ නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් තෝරා ගැනීම බවද ඔහු සදහන් කරයි.

ආර්. පේ‍්‍රමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසුව ජනාධිපති ධූරය සදහා ජනාධිපතිවරණයක් නොපැවැත් වූ බවත් එවකට අග‍්‍රාමාත්‍ය ඞී.බී. විජේතුංග මහතා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් නව ජනාධිපතිවරයා ලෙස පත්වූ බවත් හෙතෙම සිහිපත් කරයි.

ව්‍යවස්ථාව අනුව මේ මොහොතේ ආණ්ඩුව විසුරුවා හැරීමේ බලයක්ද ජනාධිපතවරයාට නැති බවත් එනිසා බලපෙරළියක් සිදුවීම ලෙහෙසු පහසු දෙයෙක් නොවන බවද ඔහු කියා සිටී.

ඩෙිලි මිරර් විසින් ඇමතිවරයා උපුටමින් මේ බව වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here