Sunday, September 22, 2024

ජනාධිපති කාර්යාලයේ මුදල්වලින් අගමැති මහින්දගේ කුස්සිය නවීකරණය කරලා

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හා මූල්‍ය රෙගුලාසි කඩකරමින් ජනාධිපති කාර්‍යාලය සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුදල් භාවිත කරමින් අගමැති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින කොළඹ විජේරාම මාවත නිවසේ මුළුතැන්ගෙය නවීකරණය කර ඇත.

කොළඹ 07 විජේරාම මාවතේ අංක 117 නම් වූ අගමැති මහින්ද රාජපක්ෂ පදිංචි නිවස ඒ ආකාරයට ජනාධිපති කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන වලින් නවීකරණය කර ඇති බව සඳහන් වන්නේ ජනවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2020 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාවේය.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට ජනාධිපති කාර්යාලයෙන් රු. 3,400,000 හා රු. 3,177,000 ලෙස 2020 වර්ෂයේ අවස්ථා දෙකකදී මුළු මුදල රු. 6,577,000 ක් වශයෙන් ප්‍රතිපාදනයන් දෙකක් ලැබී ඇති අතර, ඒ ඉහත සඳහන් කරන ලද විජේරාම මාවතේ අගමැතිවරයා පදිංචිව සිටින නිල නිවසේ මුළුතැන්ගෙය නවීකරණය කිරීම සඳහාය.

අනිද්දා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles