ජනාධිපති කොමිසමට අනුර ගෙන්වීම තහනම්. අභියාචනාධිකරණයෙන් තීන්දුවක් !

0
528

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට අදාලව ලබාදෙන ලද නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම අභියාචනාධිකරණය විසින් ඊයේ (14) අත්හිටුවා තිබේ.

අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබෙන අතර හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සභාපතිත්වය දැරූ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ලබාදී තිබුණු නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයි ඉදිරිපත් කර තිබුණු පෙත්සම සළකා බැලීමෙන් පසුවය.

උපාලි අබේරත්න සභාපතිත්වය දැරූ ජනාධිපති කොමිෂමෙන් ලබා දෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාල ජනාධිපති කොමිෂන් සභාවක් ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු ප්‍රියන්ත ජයවර්ධනගේ සභාපතිත්වයෙන් පිහිටුවා තිබිණි.

එමගින් දඬුවම් පැමිණවීම වලක්වන ලෙස ඉල්ලා 2021 මාර්තු 24 වන දින මෙම පෙත්සම ගොනු කරනු ලැබීය. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති කොමිසම ඉදිරියේ ජවිපෙ නායක අනුර දිසානායක පෙනී සිටීම අවශ්‍ය නොවන බවත්, පෙත්සම්කරු සම්බන්ධයෙන් නැවත දැනුම්දෙන තුරු කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ අභියාචනාධිකරණය වෙත දැනුම් දී ඇත.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අදාල නියෝගය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here