ජනාධිපති මිරිහාන නිවසේ ඉන්න එක හොදයි ඒත් අවට පදිංචිකරුවන්ට කරදරයක් – අනුර

0
399

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ තම නිවසේ සිටීම හොඳ දෙයක් වුවද එය ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනා​ධිපතිවරයා එහි සිටින නිසා ඒ අවට නිවාස නිතරම ආරක්ෂක අංශ විසින් පරික්ෂා කිරීම සිදුවන සිදුවන බවත් එය ජනතාවට හිරිහැරයක් බවත් එහි අවට කුඩා කුඩා ව්‍යාපාර වලට පවා විශාල බලපෑමක් ඇතිවී තිබෙන බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

ජනාධිපති නිල නිවාස රට පුරා පිහිටා ඇතත් ජනාධිපතිවරයා ඒවාට එක් දිනක් හෝ ගොස් නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here